පාසල පිළිබද තොරතුරැ බිදක්.....
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කළාපයේ අළපලාදෙණිය වූ ගම කේන්ද්‍ර කරගනිමින් මාර/අළපලාදෙණිය ද්විතීක පාසල පිහිටා ඇත.
දිස්ත්‍රික් මායිමට ආසන්නව පිහිටා ඇති අප පාසල මුහුදු මට්ටමේ සිට අඩි ____ක් පමණ ඉහලින් පිහිටා ඇත. මොරවක - පැලවත්ත (B365) මාර්ගයේ මොරවක නගරයේ සිට පැලවත්ත දෙසට කිලෝ මීටර 5ක් පමණ ගිය විට අප පාසලට ළගා විය හැකිය.
ඈත අතීතයකට නෑකම් කියන අප පාසල වර්ෂ 1964 දක්වා දිව යයි. මෙහි මූලාරම්භක විදුහල්පති වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ඩී.මෙන්ඩිස් ගුරැතුමා විසිනි.
ඉතා කුඩාවට ඇරඹි මෙම පාසල පියවරෙන් පියවර තබමින් විවිධ ආකාරයේ උදව් උපකාර ඇතිව මේවන විට ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් බවට පත්ව ඇත.
මේවන විට විශාල දියුණුවක් ලැබ ඇති අප පාසල අළපලාදෙණිය ග්‍රාමය ඇතුලුව අවට ගම් රැසක සහෝදර සහෝදරියන්ට සෙත සලසයි. පාසල් මාතාවට අභිමානයක් ගෙන දෙමින් විවිධ ක්ෂෙත්රයන්ගෙන් හැකියා පාමින් කළාප දිස්ත්‍රික් පළාත් සහ සමස්ථ ලංකා ජයග්‍රහණ හිමි කරගෙන ඇත.
වර්තමානය වන විට අප පාසලේ ගුරැ දෙගුරැන් 75නට ආසන්න ප්‍රමාණයක් සේවය කරනු ලබයි. අප පාසලේ වර්තමාන විදුහල්පතිවරයා වශයෙන් ආචාර්ය ඩී.එෆ්.නිමල් ගුරැපියාණන් කටයුතු කරයි.
දින දර්ශකය-ඔක්තෝම්බර්
|     සදුදා     | අගහරැවාදා  |    බදාදා     | බ්‍රහස්පතින්දා |   සිකුරාදා   | සෙනසුරාදා  |     ඉරිදා     |
|---|---|---|---|---|---|---|
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |
| * බැංකු නිවාඩු          # ප්‍රසිද්ද නිවාඩු          $ වෙළද නිවාඩු |